April 20, 2024

ගැබිනියක බලෙන්ම නිරෝධායනයට - බබා නැතිවෙලා ...

December 01, 2020

පෑලියගොඩ මාලු වෙළඳපොලේ සේවයේ නියුතු කොරෝනා රෝගී  ව්‍යාපාරිකයකුගේ මාස  5 1/2 ගැබිනියක වූ බිරිඳ බලෙන්ම නිරෝධායනය සදහා රැගෙන යාමෙන් අනතුරුව , ලැබෙන්නට සිටි දරුවා නැතිවීමේ සිද්ධියක් කැළණිය ප්‍රදේශයෙන් වාර්තා වනවා . මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ කැළණිය පෙතියාගොඩ ප්‍රදේශයේ පදිංචි අනූෂා මධුශානි නම් අයෙකි.

" මගේ මහත්තයා පී.සී.ආර් කරලා පොසිටිව් කියලා 21 වෙනිදා අරගෛන ගියා. මම හිටියෙ අම්මලගෙ ගෙදර . 23 වෙනිදා  මහජන සෞඛ්‍ය පරීක්ෂක ඇවිත් අපිව ගෙදර නිරෝධායනය කරා . 24 වෙනිදා පොලීසියෙන් ඇවිත් කිව්වා නිරෝධායනයට යන්න වෙනවා කියලා . මම කිව්වා මම මාස පහ හමාරක ගැබිනියක් කියලා . අම්මත් කිව්වා අපි ගෙදර නිරෝධායනය වෙනනම් කියලා. පී. එච් . අයිලටත් කිව්වා . අපි කිව්වා පී.සී.ආර් කරලා ඊට පස්සෙ අරගෙන යන්න කියලා. ඒත් 24 වෙනිදා හමුදාවෙන් ඇවිත් බස් එකකින් අපිව අරගෙන ගියා. මුලින් ම වේයන්ගොඩ ට අරගෙන ගියේ ග එතනිිිින් තවත් බස් එකකට දාගෙන බණ්ඩාරවෙලට අරලෙන ගියා. "

" යන ගමන් මට අමාරැ වුනා. අමාරැයි කිව්වම රියදුරු බස් එක තැන් දෙකක නැවැත්තුවා. අපි එහෙට ගියේ පාන්දර 3.30 ට විතර මාව ඒ ගොල්ලො රෝහලකට යැව්වා . එතැනින් සේලයිිිින් එකක් විතරයි දුන්නේ. අපිව කාමරයකට දාලා දොර වහලා තිබ්බා . වතුර කෑම පවා දුන්නේ් දොර යටින්. 25 වෙනිදා මගේ ටිකට් කැපුවා . එදාම අපිව නිරෝධායන මධ්‍යස්ථානයට අරගෙන ගියා. 28 වෙනිදා ආයෙත් අපිට පී.සී.ආර් කරලා නෛගටිව් නිසා 30 වෙනිදා ආයෙත්  ගෙදර එව්වා . " 

"මගේ මහත්තයා ගෙදර ආවේ 6 වෙනිදා .8 වෙනිදා මගේ ලේ ටිකක් යන්න පටන් ගත්තා .මම කොළඔ කාසල් රෝහලට ඇතුලත් වුනා . එහේදි ස්කෑන් එකක් කරාම බබා නැතිවෙලා කියලා කිව්වා . රෝහලෙන් කිවිවෙ සති 15 ක දී බබා නැතිවෙලා කියලා. එහෙම වෙන්න බැහැ. සති 15 කියන්නෙ මාස තුනක් . එහෙම වෙන්න බැහැ මම ක්ලිනික් ගියා. අනේ මට වෙච්ච දේ වෙන කාටවත් වෙන්න එපා. "

Rate this item
(0 votes)