April 20, 2024

එහේ මෙහේ ඇවිදින්න එපා කොළඹ තවමත් අවදානම් - නගරාධිපතිනි රෝසි සේනානායක

December 01, 2020

"කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ නගර සීමාවේ තවදුරටත් හුදෙකලා කර තිබෙන ප‍්‍රදේශවල සිටින ජනතාවගෙන් මා නැවත වතාවක් ඉල්ලා සිටිනවා එහේ මෙහේ ඇවිදින්න එපා කියලා. කොළඹ තත්ත්වය තවමත් අවදානම්.’’ යැයි කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පුවත්පතකට පැවසුවාය.

කොරෝනා මර්දනයට සියලූ දෙනාගේම සහයෝගය ඉතා අවශ්‍ය බවද නගරාධිපතිනිය සඳහන් කළාය.

මෙහිදී තවදුරටත් කතා කළ නගරාධිපතිනිය මෙසේද කියා සිටියාය.

කොළඹ නගර සීමාවේ තවදුරටත් හුදෙකලා කරලා තියෙන ප‍්‍රදේශවල ජනතාව එහේ මෙහේ ඇවිදින්නේ නැතුව තවදුරටත් නිවෙස්වලටම වෙලා හිටියොත් මේ කොරෝනා වසංගත තත්ත්වය පාලනය කරගන්න පුළුවන්. මම කැමැති නැහැ මේ කොරෝනා තත්ත්වය හේතුකරගෙන ආණ්ඩුව පේල් වෙනවා දකින්න. අපිට ඕනෑ ආණ්ඩුව මේ වසංගත තත්ත්වය සාර්ථකව මැඩ පවත්වලා ගොඩඑනවා දකින්නයි. මේ වෙලාවේ කොළඹ නගර සීමාවේ කෙරෝනා වසංගත තත්ත්වය මැඩපවත්වන්න නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමා ඇතුළු අනෙකුත් වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය අති විශිෂ්ඨ මෙහෙවර නිරත වෙනවා. දිවා රෑ නොතකා ඔවුන් කරන කාර්යභාරය අති විශිෂ්ටයි. ඉතිං ඒ කාර්යය එහෙම කරනකොට කොළඹ නගර සීමාවේ ජනතාවගේ සහයෝගයක් ඉතාම අවශ්‍යයි."

Rate this item
(0 votes)

Related items