බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය යටතේ තිබූ කොවිඩ් 19 හා වසංගත සම්බන්ධයෙන් විෂය පථයන් කීපයක් භාරදීමට ජනපතිවරයා පියවර ගෙන තිබේ.
ඒ අනුව ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් 19 රෝග පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යධූරය ජනපතිවරයා විසින් ලබා දී තිබේ.
එම නව රාජ්‍ය අමාත්‍ය ධූරය හරහා ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ට වසංගත රෝග හා කොවිඩ් මර්දන කටයුතු සම්බන්ධයෙන් සෘජු මැදිහත්වීමක් දැක්වීමට අවස්ථාව ලැබී තිබේ.
කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කළ ප්‍රකාශ හා ගත් ක්‍රියාමාර්ග සමාජයේ විවේචනයන්ට මෙන් ම හාස්‍යයට ලක් ව තිබෙන බව ප්‍රකට කරුණකි.
මේ නිසා ලබන වසර මුල සිදුවෙතැයි විශ්වාස කරන කැබිනට් මණ්ඩල සංශෝධනයේදී වන්නිආරච්චි මහත්මියට සෞඛ්‍ය අමාත්‍ය ධුරය අහිමි වෙනු ඇති බවට ඉඟි පළ වෙමින් තිබේ.
විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යධූරය සඳහා එම විෂය පිළිබඳ අවබෝධයක් ඇති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා හෝ විශේෂඥ වෛද්‍ය දර්ශනය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පත් කිරීම වඩාත් සුදුසු බවට ආණ්ඩුව තුළම මතයක් ගොඩනැඟෙමින් පවතී.
වන්නිආරච්චි මහත්මිය සතුව තිබූ කොවිඩ් 19 සම්බන්ධයෙන් වූ වැදගත් වගකීම් කොටස ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට ජනපති පැවරීම ජනවාරියේ සිදුවීමට නියමිත කැබිනට් මණ්ඩල පෙරලියේ පෙරනිමිත්තක්ද යන ප්රශ්නය දේශපාලන වේදිකාවේ කතා බහට ලක්වෙමින් තිබේ.