April 19, 2024

අටලූගම නිරීක්ෂණයට ගුවන් හමුදා හෙළිකොප්ටර් යොදවයි - ජනතාව විශාල වශයෙන් ඒකරාශී වෙලා

December 01, 2020

හුදෙකලා කරන ලද බණ්ඩාරගම, අටලූගම ග‍්‍රාමසේවා වසම්වල පදිංචිකරුවන්ගේ සංචරණයන් පිළිබඳව ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙළිකොප්ටර් යානා යොදා ගනිමින් නිරීක්‍ෂණය කිරීම ආරම්භ කළ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක, ගෘෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසීය.

ඒ අනුව එම ප්‍ර දේශයේ නිරෝධායන නීති උල්ලංඝණය කරන පුද්ගලයින් සොයා පොලීසිය සිදුකරන මෙහෙයුම් සඳහා ගුවන් හමුදාව අදාල නිරීක්ෂණ සිදු කරමින් අවශ්‍ය තොරතුරු පොලීසියට ලබා දෙන බවද ඔහු සඳහන් කළේය.

මෙහිදී හෙළිකොප්ටර් හා ඩ්‍රෝනා කැමරා ආශ‍්‍රයෙන් නිරීක්‍ෂණය කිරීමේදී එම පදිංචිකරුවන් විශාල වශයෙන් ඒකරාශී වී ගැවසෙන අයුරු දක්නට ලැබුණු බව වාර්තා වේ.
 
හෙළිකොප්ටර් යානා එම ප‍්‍රදේශ හරහා ගමන් කිරීමේදී ඔවුන් නිවෙස් තුළට යන අයුරු නිරීක්‍ෂණය වී තිබේ.
 
කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් 200 කට අධික පිරිසක් අටලූගම හුදෙකලා කරන ලද ග‍්‍රාමසේවා වසම් තුළින් මේ වනවිට වාර්තා වී ඇත.

Rate this item
(0 votes)