April 18, 2024

මීගමුව බන්ධනාගාරයේත් නොසන්සුන්කාරි තත්වයක්

November 30, 2020

නඩු කටයුතු ඉක්මන් කරන ලෙසත්  ඇප ලබා දීමට කටයුතු කරන ලෙසත්  ඉල්ලා මීගමුව බන්ධනාගාර රැදවියන්  සිව් දෙනෙකු අද (30) පස්වරුවේ  මීගමුව බන්ධනාගාර ගොඩනැගිල්ලක්  මතට නැගී උද්ඝෝෂණයේ නිරත වන බව මීගමුව පොලිසිය පවසයි.

හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන එම රැදවියන් සිව් දෙදෙනාගේ නොසන්සුන් කාරි තත්වයට ආධාර අනුබල දීමේ චෝදනා සම්බන්ධයෙන්  එක් සැකකරුවකු අත් අඩංගුවට ගත් බව ද මීගමුව පොලිසිය වැඩ්දුරටත් සදහන් කළේය.

තත්වය පාලනය කිරිම සදහා පොලිස් නිලධාරීන් යොදවා ඇති බව ද මීගමුව පොලිස් අධිකාරි කාර්යාලය පවසයි .

Rate this item
(0 votes)