April 24, 2024

වැඩේ හංගනවා : කලාකරුවෝ රැසකට කොවිඩ් - ඒ අතර සුපිරු තරු රැසක්

November 30, 2020

මේ වන විට මෙරට ප‍්‍රසිද්ධ නළු නිළියන් කිහිප දෙනකුට කොරොනා වෛරසය ආසාධනය වී ඇති බවත් එය සමාජයෙන් වසන් කරගෙන සිටින බවටත් වාර්ථා වේ.

රටම හඳුනන කලා පවුලකින් පැවත එන තරුණ කලාකරුවකුට කොරෝනා රෝගය වැළඳී ඇති බව පසුගිය සතියේ වාර්තා විය.

දැනට විකාශය වන ටෙලි නාට්‍යයක සහ ඉදිරියේදී විකාශය වීමට නියමිත සංගීත ප‍්‍රසංගයක රූගත කිරීම් සහ පුහුණුවීම් සඳහා මෙම ජනප‍්‍රිය තරුණ කලාකරුවා ගොස් තිබුණු අතර එහිදී මොහුට උණ රෝගය වැළඳී තිබුණි.

අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිස වහාම ඔහු කොළඹට පිටත් කර එවීමට කටයුතු කර තිබුණු අතර ඔහුට කොරෝනා රෝගය වැළඳී ඇති බව එහිදී දැනගෙන ඇත.

මේ වන විට අදාල අධ්‍යක්ෂවරයා ඇතුළු නළු නිළියන් සියලු දෙනාගේ පී. සී. ආර්. පරීක්ෂණ සිදු කර ඇති අතර
තවමත් එම පිරිස රූගත කිරීම් සහ පුහුණුවීම් සඳහා ගිය ප‍්‍රදේශයේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටිති.

මෙම තරුණ නළුවාට කොරොනා වැළඳී ඇතැයි දැනගත් පසු මෙරට ජනප‍්‍රිය නළු නිළියෝ රැසක් පී. සී. ආර්. පරීක්ෂණ සිදුකර ගනිමින් ස්වයං නිරෝධායනයට ලක් වී සිටින බව වාරථා වේ.

මීට අමතරව පසුගිය දිනවල විකාශනය වූ තණමල්විල කොල්ලෙක් නමැති ටෙලි නාට්‍යයේ රඟපෑ නළු නිළියන් සිව්දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට ආරංචි මාර්ග කියයි.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත සංගීත වැඩසටහනකට පුහුණුවීම් සඳහා සහභාගි වූ ජනප‍්‍රිය තරුණ නර්තන ශිල්පියෙකු ඇතුළු කණ්ඩායමකට ද කොරෝනා වෛරසය වැළඳී ඇති බව පැවසේ.

මේ අතර තමාට කොරෝනා රෝගය වැළදී ඇතැයි ජනප්‍රිය නිලියක්ද පසුගිය දිනක ප්‍රකාශ කර සිටියේය. ඇයගේ සැමියා ද ජනප‍්‍රිය රංගන ශිල්පියෙකි.
තම බිරිඳගෙන් එම ජනප‍්‍රිය රංගන ශිල්පියාට කොරෝනා රෝගය වැළඳී නොතිබුණත් මේ වන විට ඔහු ද නිරෝධායනයේ යෙදී සිටී.

මෙසේ නළු නිළියන්ට වෛරසය ආසාධනය වීමත් සමග නළු නිළියන් ඇසුරු කළ මෙරට ජනප‍්‍රිය ගායක ගායිකා පිරිසක් ද නිරෝධායනයේ යෙදී සිටින බවට ආරංචි මාර්ග කියයි. ඒ අතර කොරෝනා ආසාධනය වූ නළුවකු සමග තෙල්දෙනිය ප්‍රදේශයේ රූගත කිරීම්වලට සහභාගි වූ පාසල් ළමුන් දෙදෙනකුද නිරෝධායනයේ යෙදී සිටින බව වාර්තා වේ.

මේ අයුරින් නළු නිළියන්ට කොරෝනා ආසාධනය වීම නිසා එම ක්ෂේත‍්‍රය තුළ ගැටලූ රැසක් පැන නැගී තිබේ. දැනට විකාශනය වෙමින් තිබූ ටෙලිනාට්‍ය තුනක්ද තාවකාලිකව නතර කර තිබේ. එයට අමතරව ඉදිරියේ දී පැවැත්වීමට තිබූ සංගීත සංදර්ශනයක්ද දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවද වාර්තා වේ.

(අරුණ)

Rate this item
(0 votes)