March 29, 2024

මුස්ලිම් ජාතිකයින්ට එරෙහි තාක්ෂණ කමිටුව ගැන මුජිබර් රහුමාන් ප්‍රශ්න කරයි

November 30, 2020

කොවිඩ් 19 හේතුවෙන් මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ දේහයන් ආදාහනය කිරීමට ඉඩ නොදිය යුතු බවට නිර්දේශ කළ තාක්ෂණ කමිටුව සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් ප්‍රශ්න ලදී.

කොවිඩ් 19 රෝග තත්ත්වය හේතුවෙන් මිය යන්නන්ගේ ආදාහන කටයුතු කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කළ අදාල තාක්ෂණ කමිටුවේ සිටින්නේ කවුද, එහි සංයුතිය සැකසී ඇත්තේ කෙසේ ද, එහි සිටින විශේෂඥයින් කවුද, එම කමිටුව කී වතාවක් රැස්වී තිබේද, ඒ කවදාද, කොතැනකද යන්න ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා එම කමිටුව විසින් කරන නිර්දේශ ආණ්ඩුව ප්‍රසිද්ධියට පත් නොකරන්නේ මන්දැයි යන්න ද ප්‍රශ්න කරන ලදී.

අසල්වැසි ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, මාලදිවයින ඇතුළු ලොව රටවල් 194ක් කොවිඩ් 19 රෝග තත්ත්වය හේතුවෙන් මියයන පුද්ගලයන් භුමිදානය කිරීමට ඉඩ තිබෙන බව ද පෙන්වා දෙන මන්ත්‍රීවරයා යම් ජාතියකට අයත් චාරිත්‍ර වාරිත්‍ර ඉටු කර ගැනීමට ඉඩ නොදීම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් එ නිසා කොවිඩ් 19 හේතුවෙන් මිය යන මුස්ලිම් ජාතිකයින් ආදාහනය කිරීමට ඉඩ දිය යුතු බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ද නිර්දේශ කර තිබෙන බවද සඳහන් කරන ලදී.

Rate this item
(0 votes)
Last modified on Monday, 30 November 2020 16:39