January 18, 2021

රැඳවියන් මටත් දුරකථනයෙන් කතා කරනවා - මහර සිද්ධිය පිටුපස නොපෙනෙන හස්තයක් තිබෙනවා

November 30, 2020

11,000 කට පමණක් පහසුකම් තිබෙන බන්ධනාගාර පද්ධතිය තුළ මේ වන විට 32,000ක් සිටින බව බන්ධනාගාර කටයුතු ඇමැති වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී එළිදරව් කරන ලදී.

මහර බන්ධනාගාරය තුළ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් ඉතා විශාල පිරිසක් සිටින බවත් ඔවුන් හා දඩුවම් නියම කර තිබෙන රැඳවියන් අතර ගැටුමක් ඇති වූ බව ද ඇමතිවරිය සඳහන් කරයි.

බන්ධනාගාර සිද්ධිය පිටුපස නොපෙනෙන හස්තයක් තිබෙන බවද පෙන්වා දෙන ඇමතිවරිය ඒ සම්බන්ධයෙන් සෙවීමට මේ වන විට අමාත්‍යාංශ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කර තිබෙන බව ද අවධාරණය කරන ලදී.

එහෙත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීමට රහස් පොලිසියට ද අවස්ථාව ලබාදිය යුතු බවද අමාත්‍යවරිය සඳහන් කරයි.

බන්ධනාගාර තුළ සිටින රැඳවියන්ට දුරකතන ළඟ තබා ගැනීම තහනම් කොට තිබුණ ද ඇතිවී තිබෙන තත්ත්වය මත එය කිරීම අපහසු වී ඇති බව පෙන්වාදෙන ඇමතිවරිය රැඳවියන් තමාට ද දුරකතනයෙන් කතා කරන බවද පෙන්වා දෙන ලදී.

මෙම අදහස් පළ කළේ මහර බන්ධනාගාරයේ ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ කළ ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු ලෙස ය.

Rate this item
(0 votes)