April 20, 2024

සුවසැරිය තියෙන්නේ තමන්ගේ යටතේ බව සෞඛ්‍ය ඇමතිවරිය දන්නෙත් නෑ

November 30, 2020

2016 ජූලි සුවසැරිය හඳුන්වාදුන් දින පටන් මේ දක්වා එහි කාර්ය මණ්ඩලයේ ඉටු කළ සේවාව වෙනුවෙන් ඔවුනට හිස නමා ආචාර කළ යුතු බව විපක්ෂයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී සඳහන් කරන ලදී.

සුව සැරිය හඳුන්වා දීමට මුල් වූ පුද්ගලයකු ලෙස පිළිගැනෙන ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩිදුරටත් සඳහන් කරන්නේ අද සුවසැරිය මුහුණදී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් එහි සේවය කරන පිරිසක් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම හේතුකොට ගෙන ඔවුන්ගේ වැඩ තහනම් කොට තිබෙන බවය.

සුවසැරිය හඳුන්වා දුන් අවස්ථාවේ අදාල ගිලන්රථ රෝහල්වල නතර කිරීමට තීරණය කළ ද එක්තරා වෘත්තීය සමිතියක් ඊට තදින්ම විරුද්ධ වීම හේතු කොට ගෙන එම ගිලන් රථ හා කාර්ය මණ්ඩලය පොලිසි වල ස්ථානගත කිරීමට සිදුවූ බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

සුවසැරිය ගිලන් රථ සේවාව තමන් යටතේ තිබෙන බව අවම තරමින් සෞඛ්‍ය ඇමතිවරිය නොදන්නා බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Rate this item
(2 votes)