April 25, 2024

කොවිඩ් වලින් මිය යන අයට මිනීපෙට්ටිය කොවිඩ් අරමුදලෙන් ලබා දෙන්න

November 30, 2020

කොවිඩ් 19 රෝග තත්ත්වය හේතුවෙන් මියයන්න යන්ට කොවිඩ් අරමුදලෙන් මිනීපෙට්ටිය ලබාදෙන ලෙස විපක්ෂයේ මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යංශය වැය ශීර්ෂයට එක්වෙමින් සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් ඉල්ලීමක් කරන ලදී.

කොවිඩ් 19 රෝගී තත්ත්වය හේතුවෙන් මිය යන්නේ 1%ටත් වඩා අඩු පිරිසක් බැවින් වීමත් කොවිඩ් 19 හේතුවෙන් මිය යන අයගේ මළ සිරුරු නිවසට ගෙන ඒමට ඉඩ නොදෙන නිසා මිනී පෙට්ටිය කොවිඩ් අරමුදලෙන් ලබා දීම සාධාරණ බව ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මේ වන විට කොවිඩ් 19 හේතුවෙන් මිය යන පුද්ගලයන් සඳහා අවශ්‍ය කරන මිනීපෙට්ටිය නොමිලේ ලබාදීම සඳහා මුස්ලිම් සංවිධානයක් ඉදිරිපත්ව තිබෙන බවද මන්ත්‍රීවරයා සභාවට දැනුවත් කරන ලදී.

Rate this item
(0 votes)
Last modified on Monday, 30 November 2020 15:09