March 28, 2024

මහර බන්ධනාගාරය අසල උණුසුම්! රැඳවියන්ගේ ඥාතීන් ආරක්ෂක අංශ සමඟ උණුසුම් වචන හුවමාරුවක

November 30, 2020

මහර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වය වාර්තා වීමත් සමග එහි රදවා සිටින තම ඥාතීන්ට සිදු වී ඇත්තේ කුමක්දැයි දැන ගැනීමට ඥාතීන් රැසක් මේ වන විටත් බන්ධනාගාරය අසලට රැස් වී සිටින බව වාර්තා වේ.

බන්ධනාගාරය තුල සිටින තම හිතවතුන් දැකීමට ඉඩ දෙන ලෙස ඉල්ලා ඔවුන් හා පොලිස් නිලධාරීන් අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදු වූ බව වාර්තා වේ. 

සිද්ධිය වාර්තා වීමත් සමග අද අළුයම සිට ඥාතීන් බන්ධනාගාරය අසලට පැමිණි අතර ඒ අතරින් බහුතරය කාන්තාවන් බවත් ඔවුන් එළෙස පැමිණ තිබුනේ කුඩා දරුවන්ද රැගෙන බවත් වාර්තා වේ. 

බන්ධනාගාරය අවට ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ බලකාය හා පොලිසිය යොදවා තිබේ. 

Rate this item
(0 votes)