April 18, 2024

මහර සිද්ධියේ සුලමුල විමල් සොයා ගනී - මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් : රැඳවියන්ට ප්‍රචණ්ඩ පෙති ගස්සලා

November 30, 2020

මහර බන්ධනාගාරය තුළ ගැටුම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් විය හැකි යයි ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

2015ට කලින් පැවති රජයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරද්දී වැලිකඩ බන්ධනාගාරයේ ද රැඳිවියන් 27 දෙනෙකු ඝාතනයට ලක්වූ බවත් පැවසූ ඇමැතිවරයා වර්තමානයද ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී රැඳවියන් ඝාතනයට ලක්වන බව ලෝකයට පෙන්වීමට මෙම ගැටුම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ලෙස මතුව ඇතැයි ද සඳහන් කරයි.

කිසියම් පිරිසක් විසින් රැඳවියන් අතර යම් පෙති වර්ගයක් බෙදා දී ඇති බවත් රැඳවියන් ප්‍රචණ්ඩ තත්ත්වයට පත්වී ඇත්තේ ඉන්පසු බවත් ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

Rate this item
(1 Vote)
Last modified on Monday, 30 November 2020 13:35