January 27, 2021

රෝහිතට කොරෝනා හැදී නුවර ජනාධිපති මන්දිරයේද? ගුවනින් කොළඹ සිට කෑම යැවූ පුවත ගැන ගුවන් හමුදාවෙන් පිළිතුරු Featured

November 30, 2020

කොව්ඩ් 19 ආසාදනය වී මහනුවර ජනාධිපති මන්දිරයේ සිටින බවට සමාජ මාධ්‍ය තුල පලවන කිසිවෙකුට ගුවන් හමුදාව අයත් කිසිදු හෙළිකොප්ටර් යානා මගින් ආහාර රැගෙන ගිය බවට පලවන වාර්තා අසත්‍ය බවත් ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා එවැනි කටයුතු යොදවා නැති බවත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක, ගෘෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසීය.

අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ හෝ පුත්‍රයෙකුට කියා විශේෂයෙන් හෙලිකොප්ටර් යානා මගින් ආහාර රැගෙන නොගිය බවත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ නිල රාජකාරි ගමන් සඳහා පමණක් ගුවන් හමුදාව හෙලිකොප්ටර් යානා යොදවා ඇති බවත් එයද ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට පමණක් යානා යොදවන බවත්ය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා සමඟ ඔහුගේ බිරිඳ සහ පුතුද සමාජයෙන් වෙන්වීම සඳහා මහනුවර ජනාධිපති මන්දිරයේ රඳවා සිටින බවටත ඔවුන්ට ආහාර රැගෙන යන්නේ කොළඹ සිට ගුවන් හමුදාවට අයත් හෙළිකොප්ටර් යානා මගින් බවත් ඇතැම් සමාජ මාධ්‍ය වල ප්‍රචාරය වී තිබිණි.

මේ අසත්‍ය වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බවද රජයේ ආරංචි මාර්ග පවසයි.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ද මෙය අමූලික අසත්‍යයන් බව පැවසුවේ යැයි ධනසිරි අමරතුංග මහතා සිය සමාජ ජාල ගිණුමේ සදහන් කර ඇත.

Rate this item
(3 votes)
Last modified on Monday, 30 November 2020 13:42