March 29, 2024

කොරෝනා දේහවල අවසන් කටයුතුවලට නොමිලේ මිනී පෙට්ටි - මුස්ලිම් සංවිධානයක් ඉදිරිපත් වෙයි

November 30, 2020

කොවිඩ් – 19 වයිරසය හේතුවෙන් මියයන පුද්ගලයින්ගේ දේහ සඳහා නොමිලේ මිනි පෙට්ටි ලබාදීමට මුස්ලිම් ස්වේච්ඡා සංවිධානයක් ඉදිරිපත්ව සිටින බව වාර්තාවේ.

‘‘Shihara Janaza Foundaton’’ නමැති මෙම ස්වේච්ඡා සංවිධානය විසින් කොවිඩ් වයිරසය වැලඳී මිය යන ඕනෑම ජාතියකට හෝ ආගමකට සම්බන්ධ අඩු අදායම්ලාභී අය හට නොමිලේ මිනී පෙට්ටි ලබා දෙන බව එම සංවිධානයේ නිර්මාතෘ හලාල්ඩීන් මොහොමඩ් රිස්වාන් පැවසීය.

මිනී පෙට්ටි ලබාදීම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිර්දේශය මත කොළඹ දිස්ත්‍රික්කයේ අඩු අදායම්ලාභී පවුල් වෙත බෙදාදීම මේ වනවිටත් ආරම්භ කර තිබේ.

මෙම මිනී පෙට්ටියක වෙළඳ පොළේ සාමාන්‍ය වටිනාකම රුපියල් 35,000 ක් පමණ වෙයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 30 November 2020 10:06

Related items