April 25, 2024

මහර බන්ධනාගාරය ඇතුළේ ගින්නක්! රැඳවියන්ගේ කෑ ගැසීම් - ආරක්ෂාව තර කරයි

November 29, 2020

මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවයෙන් පසු තවමත් බන්ධනාගාරය තුල ගින්නක් ඇතිව තිබෙන බවත් එය පාලනය කිරීමට ගිනි නිවිමේ ඒකකය කැඳවා ඇති බවත් වාර්තා වේ.

බන්ධනාගාරය ඇතුළත ගින්නක් පැවැති අතරතුර දිගින් දිගටම වෙඩි ශබ්ද ඇසෙමින් තිබින බව වාර්තා වේ. පොලිස් කණ්ඩායම් කිහිපයක් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය සඳහා මේ වනවිට යොදවා ඇත. ඊට අමතරව නාවික හමුදාවද මහර බන්ධනාගාරය අසළට කැඳවා තිබේ.

මේ අතර බන්ධනාගාරය අවට ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇතැයිද බන්ධනාගාරය තුලට හෝ ආසන්නයට කිසිවෙකුට ඇතුල් වීමට අවසර නොමැති බවත් වාර්තාවේ.

බන්ධනාගාරයේ ඇතුලතින් රැඳවියන්ගේ කෑගහන හඩද ඇසෙන බව අවට ප්‍රදේශවාසීන් සඳහන් කරයි.

මහර බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව බිඳගෙන පළා යාමට රැඳවියන් ගත් උත්සාහයකදී බන්ධනාගාර නිලධාරීන් කළ වෙඩි තැබීමකින් රැඳවියෙකු මිය ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ සිදුවීමෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි. 

වෙඩි තැබීම හේතුවෙන් රැඳවියන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවද, ඔවුන් රෝහල්ගත කිරීමට අවශ්‍ය පියවර ගොන ඇති බවද පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරයි.

මේ අතර සිදුවීමෙන් තමන්ගේ ඥාතීන්ට සිදුවී ඇත්තේ කුමක්ද යන්න විමසමින් බන්ධනාගාර රැඳවියන්ගේ ඥාතීහු පිරිසක් ප්‍රධාන දොරටුව අසළ කලබල කරමින් සිටින බව වාර්තා වේ.

Rate this item
(0 votes)