April 19, 2024

මම මදුරුවෙක්වත් මරන්නේ නැති කෙනෙක් - මාව මාධ්‍ය ධාමරිකයෙකු කරලා

November 30, 2020

මදුරුවකුවත් මරා නොදමන තමන් මාධ්‍ය විසින් දාමරිකයෙක් කර ඇතැයි වනජීවී රාජ්‍ය ඇමති විමලවිර දිසානායක මහතා කියයි.

ජනතාව විසින් භාවිතා කළ මාර්ගයක් නැවත ඔවුනට ලබාදීමට තමන් කටයුතු කිරීමක් පමණක් සිදු කළ බවද ඔහු සඳහන් කළේය.

අදාළ මාර්ගය වනජීවී භාරයට පත් වුණේ 1984 බවත් ඒ වන තෙක් එම පාරේ මිනිස්සු ගමන් කළ බවත් බස් පවා එහි ධාවනය වූ බවත් ඔහු පැවසීය.

නමුත් අද එම මාර්ගයෙන් මිනිසුන් යද්දි වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා බවත් නඩු දමන බවත් ඇමතිවරයා කියයි.

මෙම මාර්ගයේ ගමන් කරන්නේ යකුකුරේ පැරණි ගමට බවත් අද එම ගමේ සිට පොළොන්නරු යාම සඳහා වට මාර්ගයකින් කිලෝමීටර් 65 ඇති බවත් මෙම මාර්ගයෙන් ඇත්තේ කිලෝමීටර් 13 ක් පමණක් බවත් ඔහු සඳහන් කළේය.

Rate this item
(0 votes)

Related items