April 25, 2024

මුතුරාජවෙල හෝටල් සංකීර්ණයට වනජීවියේ විරෝධතා නෑ

November 30, 2020

මුතුරාජවෙල තෙත් බිමෙහි හෝටල් සංකීර්ණයක් ඉදිකිරීම සඳහා පාරිසරික අධ්‍යයන වාර්තාවක් සකස් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය අවසර ලබා දී ඇත.
 
ඒ සඳහා සලකා බැලිය යුතු කරුණු සහිත ලිපිය මධ්‍යම පරිසර අධිකාරි‍යේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතාගේ අත්සනින් යුතුව මැල්වත්ත ප්‍රොපටීස් පෞද්ගලික සමාගම වෙත පසුගියදා යවා තිබේ. 
 
ඒ  පිළිබඳ විරෝධතා නොමැති බවට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මධ්‍යම පරිසර අධිකාරියට ලිපියක් යැවීමෙන් පසු මෙසේ අවසර ලබා දී ඇත.
 
වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ඇතුළු රාජ්‍ය ආයතන 16 ක් මගින් කරන ලද විපරම්වලින් පසුව මෙසේ අවසර ලබා දී ඇතැයි පැවැසේ.
 
මැල්වත්ත ප්‍රොපටිස් පෞද්ගලික සමාගමට හිමි සින්නක්කර ඉඩම් අක්කර 600ක මෙම හෝටල් සංකීර්ණය ඉදිකෙරන අතර ඊට යාබද මුතුරාජවෙල අභය භූමියට අයත් ඉඩම් කොටස් කිහිපයක් ද ඒ සඳහා යොදා ගෙන තිබේ.
 
ඉදිරි මාස හතර ඇතුළත පාරිසරික අධ්‍යයන වාර්තාව සකස් කර ඉදිරිපත් කරන බව එම සමාගම කියයි. අනතුරුව එය මහජන අදහස් විමසීම සදහා ඉදිරිපත් කෙරෙනු ඇති අතර ඒ සඳහා දින 90 ක කාල සීමාවක් ලැබෙනු ඇත.

Rate this item
(0 votes)