April 19, 2024

පොලිස් නිලධාරියා මරණයට පත්කළ ටිපර් රියදුරු අත්අඩංගුවට

November 29, 2020

කොබෙයිගනේ, හාතලව ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියකු අනතුරට පත්කරමින් පලාගිය ටිපර් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අද දින (29) උදෑසන 11.30ට පමණ 27හැවිරිදි සැකකරු නිකවැරටිය ප්‍රදේශයේ දී නිකවැරටිය මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

සැකකරු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන පැවැත්වීමට නියමිත අතර මියගිය පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය නිකවැරටිය මහෙස්ත්‍රාත් අධිකරණය මගින් පැවැත්වීමට නියමිත බව පැවසේ.

අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.

පොලිස් නිලධාරියා අනතුරට පත්කළ ටිපර් රථය කුලියාපිටිය ප්‍රදේශයේ දමාගොස් තිබිය දී පොලිසිය විසින් අද උදෑසන සොයාගනු ලබා ඇත.

ඊයේ (28) රාත්‍රියේ දැඳුරු ඔයේ වැලි ජාවාරමේ නිරත පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ මෙහෙයුමක දී අදාළ ටිපර් රථ රියදුරා විසින් පොලිස් කොස්තාපල්වරයා යටකර පලාගොස් තිබිණි.

අනතුරුව තුවාල ලැබූ 32 හැවිරිදි පොලිස් නිලධාරියා නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වී තිබුණි.

Rate this item
(0 votes)