April 20, 2024

පිටකොටුවේ හෙට විවෘත නොවන තැන් මෙන්න

November 29, 2020

පිටකොටුව පොලිස් බලප්‍රදේශය හෙට (30) දින උදෑසන 5 සිට විවෘත වීම සිදුවුවත් ස්ථාන කිහිපයක හුදකලා බව දිගටම ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

මේ අනුව මැනිං වෙළෙඳසැළ, හතරවන හා පස්වන හරස්වීදි හෙට උදෑසන විවෘත වන්නේ නැත.

කෙසේ නමුත් හෙට දිනයේ සිට පුද්ගලික බස්නැවතුම් පොළේ හා අනෙකුත් කටයුතු ඒ අයුරින්ම සිදුවන බව සඳහන් කරයි.

වැඩිදුරටත් අදහස් දැක්වු අජිත් රෝහණ මහතා,

“මෙම මැනිං වෙළෙඳපොළ ඒ වගේම හතරවන හා පස්වන හරස්වීදිවල බහුතරයක් සේවය කරනු ලබන බහුතරයක් සේවකයින් සිටින්නේ තවමත් හුදකලා කර තිබෙන, කොළඹ – උතුර ප්‍රදේශයේ. ඒ ප්‍රදේශවල ආසාදිතයින් ඇති වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. එම ප්‍රදේශවල තව තවත් ආසාදිතයින් බිහිවෙනවා. ඒ නිසා තමයි ඒ ප්‍රදේශ හුදකලාභාවයෙන් ඉවත් කරන්න බැරි. විශේෂයෙන් මෝදර, ග්‍රෑන්ඩ්පාස්, කොටහේන, කෙසෙල්වත්ත, මරදාන මේ වගේ ප්‍රදේශ. ඒ නිසා මෙම මැනිං වෙළෙඳපොළ ඒ වගේම හතරවන හරස්වීදිය හා පස්වන හරස්වීදිය විවෘත කළහොත් නැවත කොවිඩ් පැතිරීමේ අවදානමක් ඇති වෙන්න පුළුවන්.“

Rate this item
(0 votes)