විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ශිෂ්‍යාධාර ලබා දෙන මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ සැබෑ නිර්මාණකරු වසර 35කට පමණ පසු හෙළිදරව් වී තිබේ.
මහපොළ ශිෂ්‍යත්වය හඳුන්වා දීමට පෙර විශ්වවිද්‍යාල සිසුන්ට ලැබුණු රුපියල් 250ක ණය සහනය රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස ජේ.ආර් ජයවර්ධන රජයේ උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති වරයාව සිටි ඒ.එම්.ආර්.අත්තනායක මහතා රාජ්‍ය බැංකු සමග කළ සාකච්ඡා අසාර්ථක වීම මත ඔහු ඒ සම්බන්ධයෙන් එවකට ප්‍රබල අමාත්‍යවරයකු සිටි ලලිත් ඇතුලත්මුදලි මහතාට මේ සම්බන්ධයෙන් වූ යෝජනාව ඉදිරිපත් කර තිබේ.
බැංකු හා රක්ෂණ විෂයන්ද භාරව සිටි එවකට වෙළඳ අමාත්‍යවරයා වූ ලලිත් ඇතුලත්මුදලි මහතා අත්තනායක මහතාගේ මෙම යෝජනාවට එකඟතාවය පලකොට ඔහුගේ වෙළඳ අමාත්‍යාංශය යටතේ මහපොළ ශිෂ්‍යාධාර ක්‍රමය ආරම්භ කරන ලදී.
ඒ වන විට අධික වැඩ කටයුතු රැසක සිරවී සිටි ඇතුලත්මුදලි මහතා මහපොළ සංවිධානය කිරීමේ වගකීම ද එය යෝජනා කල අත්තනායක මහතාට ම පවරා තිබේ.
ඒ අනුව මුල් මහපොළ වැඩසටහන් 15ම සංවිධානය කොට තිබෙන්නේ අත්තනායක මහතාය.
තමන්ට අවශ්‍ය වුණේ නම දා ගැනීමට නොව දක්ෂතා තියෙන අයගෙන් රටක් වැඩක් ගැනීම බව ද අත්තනායක මහතා ප්‍රකාශ කරයි.
1977 සිට 1988 දක්වා උඩුදුම්බර මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළ අත්තනායක මහතා මෙම කරුණු හෙළිදරව් කර තිබුණේ ජාතික පුවත්පතක් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.