April 23, 2024

මහ ලේකම්කමෙන් අස් වූ අකිලගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සිහිනයත් බොඳ වෙයි

November 30, 2020

එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස් වූ අකිල විරාජ් කාරියවසම් මහතා බොහෝ කලක සිට පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය බලාපොරොත්තුවෙන් සිටියද දැන් ඊට ද බාධා එල්ල වෙමින් තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පක්ෂයේ ජේෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාව යෝජනා කළ ද වික්‍රමසිංහ මහතා එම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් සඳහන් කොට ඇත්තේ තරුණයෙකු නම් කරන ලෙසත් එසේ නම් කරන තැනැත්තා තමන් එම මන්ත්‍රී ධූරයට පත් කරන බව ය.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ බැව් සඳහන් කර තිබෙන්නේ පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් ඉදිරිපිටය.

එහිදී හිටපු රාජ්‍ය අමාත්‍යවරියක වන අනෝමා ගමගේ මහත්මිය යෝජනා කර තිබෙන්නේ පක්ෂ නායකයා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය බාර නොගන්නේ නම් ඒ සඳහා නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පත් කළ යුතු බව ය.

එම යෝජනාව පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් සියලු දෙනාම ඒකමතිකව අනුමත කොට තිබෙන බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙය කාරියවසම් මහතාව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නම් කෙරීමට බාධාවක්ව තිබේ.

Rate this item
(2 votes)
Last modified on Sunday, 29 November 2020 18:38