March 29, 2024

මට සිරිකොතෙන් කිසිම සහයෝගයක් නෑ - ඉල්ලා අස් වූ අකිලගෙන් දෝස්මුරයක්

November 29, 2020

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතෙන් තමන්ට කිසිදු සහයෝගයක් නොලැබීම පක්ෂ ලේකම් ධුරයෙන් ඉවත්වීමට හේතු වූ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ.

ඒ හේතුවෙන් පක්ෂයේ විනය කැඩූ සාමාජිකයෙකුට එරෙහිව තමාට විනය පියවරක් ගැනීමට නොහැකි තත්වයක් පවතින බව ද කාරියවසම් මහතා පක්ෂ නායකයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.

කලක් කාරියවසම් මහතාට සහයෝගය දුන් ඔහු නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයම නියෝජනය කරන ශමල් සෙනරත් මහතා ද මේ වන රනිල් වික්‍රමසිංහ මහතාගේ තවත් කිට්ටු තම සමිපතයෙකු වන සාගල රත්නායක මහතාට සහයෝගය දීම ද කාරියවසම් මහතාට ප්‍රශ්නයක් වී තිබෙන බවද සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.

සාගල රත්නායක මහතා ද බොහෝ කලක සිට එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරය බලාපොරොත්තුවෙන් සිටී.

අකිල විරාජ් කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට මීට ටික දිනකට පෙර බාරදී තිබේ.

Rate this item
(2 votes)
Last modified on Sunday, 29 November 2020 18:36

Related items