March 28, 2024

තිස්සගේ ඉල්ලීමට අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රතිචාර - ජේ.ආර් ගේ නිවස සංරක්ෂණයට

November 29, 2020

ලාංකීය දේශපාලන ඉතිහාසයේ වැදගත් තීන්දු තීරණ රැසක් ගත් ගත් ස්ථානයක් වන පළමු විධායක ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා ජීවත්ව සිටි නිවෙස මතු පරපුර වෙත දායාද කර දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

මේ සම්බන්ධයෙන් සොයා බලා එම ස්ථානය සංරක්ෂණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයාට උපදෙස් දෙන ලදී.

ඒ අනුව වික්‍රමනායක මහතා වෝඩ් පෙදෙසේ පිහිටි ජේ.ආර්.ජයවර්ධන මහතාගේ නිවෙස වෙත පැමිණ එම ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව එහි කෞතුකාගාරයක් හා පරිසර මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට තීරණය කොට තිබේ.

ජේ.ආර් ජයවර්ධන මහතා සිය ජීවිත කාලය පුරාම ජීවත් වූ මෙම නිවස දැන් ගරා වැටෙමින් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් සොයා බලා මතු පරපුර උදෙසා එම ස්ථානය සංරක්ෂණය කරන ලෙස සමගි ජන බලවේගය ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පාර්ලිමේන්තුවේදී කළ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස අග්‍රාමාත්‍යවරයා මෙම පියවර ගෙන තිබේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 29 November 2020 18:33