March 29, 2024

බෝගම්බර බන්ධනාගාර නිරෝධායන මධ්‍යස්ථානයෙන් පළා යෑමටතැත් කළ 4ක් අල්ලති

November 29, 2020

බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පළා යෑමට උත්සහ කළ රැඳවියන් සිව් දෙනෙකු අහසට වෙඩි තබා අල්ලා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් අද (29) සමත්ව තිබේ.

මහනුවර පැරණි බන්ධනාගාරයේ පවත්වාගෙන යන නිරෝදායන ඹධ්‍යස්ථානයේ  කුටියක රඳවා සිටි මොවුන් එහි දොර කඩාගෙන පිටතට පැමිණ බන්ධනාගාරය තුළ පිහිටි එළිමහන් ප්‍රදේශයට පැමිණ ඇති අතර එම අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් එය දැක අහසට වෙඩි තබා ගැනිමෙන් ඔවුන් පාලනය කර ගැනීමට හැකිවි තිබේ.

බෝගම්බර බන්ධනාගාරයේ මේවන විට රැඳවූවන් 310 පමණ සිටින වාර්තා වෙයි.

පසුගිය දිනකද  රැදවියන් තිදෙනෙකු බන්ධනාගාර තාප්පයෙන්ද පිටතට පැන පළා යෑමට උත්සහ කළ අතර එම අවස්ථාවේ එක් අයෙකු තාප්පයෙන් පහළට ඇද වැටී මරණයට පත්විය.

සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තුමේන්තුව පරීක්ෂණයක් පවත්වයි.

Rate this item
(0 votes)