March 29, 2024

ෂරියා විශ්වවිද්‍යාලය ගැන අගමැති දුන් පොරොන්දුව පුස්සක් වෙලා

November 29, 2020

ඉස්ලාම් අන්තවාදයට උඩගෙඩි දෙන නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය තමන් බලයට පැමිණි පසු ආරක්‍ෂක විශ්වවිද්‍යාලයක් බවට පත් කරන බවට  අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා එදා ලබාදුන් පොරොන්දුව අද පුස්සක් බවට පත්ව තිබීම ජාතියේ අවාසනාවක් වී ඇතැයි සුරකිමි ශ‍්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියෝ සඳහන් කළහ.
 
වත්මන් ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු රජය ෂරියා නීතිය පැවතීම, විල්පත්තු වන සංහාරය, දොස්තර ෂාෆී ෂෙහාබ්ඞීන් සිද්ධිය සහ පාස්කු ප‍්‍රහාරය පිළිබඳව පවසමින් එහි චූදිතයන් අත්අඩංගුවට ගෙන දැඩිව නීතිය ක‍්‍රියාත්මක කරන බව පවසමින් මෙරට ජනතාවගේ ඡන්ද දිනා ගත්තද ඉහත සිද්ධීන් කිසිවක් සාධනීය අවසානයක් කරා ගෙන යෑමට රජය ක‍්‍රියා නොකිරීම තුළ අද ඔවුන් ජනතාවගේ විශ්වාසභංගත්වයට පත්ව ඇතැයිද උන්වහන්සේ පැවසූහ.
 
නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය මූලික කර ගනිමින් අරාබිය සමග නීති විරෝධීව ගනුදෙනු කරමින් මෙරට මූල්‍ය නීති කඩකළ හිටපු නැෙඟනහිර මහ ඇමැති හිස්බුල්ලාට මෙරට නීතිය ක‍්‍රියාත්මක නොවීමේ අදිසි හස්තය කාගේදැයි ජනතාව මේ වන විට අවබෝධ කරගෙන සිටින බව ද කී ආනන්ද සාගර හිමියෝ ෂරියා විශ්වවිද්‍යාලයක් නිර්මාණය කිරීමට මෙරට ක‍්‍රියාත්මක වූ නීතිය කුමක්දැයි ප‍්‍රශ්නකර සිටියහ.

Rate this item
(0 votes)