April 25, 2024

බැසිල්ගේ පාර්ලිමේන්තු ආගමනය ස්ථිරයි

November 29, 2020

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පිවිසියහොත් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව තව තවත් ශක්තිමත් වෙන බව පැහැදිලිව පෙනී යන්නේ යැයි රාජ්‍ය ඇමැති ප‍්‍රසන්න රණවීර මහතා පුවත්පතකට ප‍්‍රකාශ කළේය.
 
මෙම තත්ත්වය අනුව විපක්ෂයට දුවන්න පාරවල් නැති වන බව ද ප‍්‍රසන්න රණවීර මහතා සඳහන් කළේය.

"ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරුන්ගේ විශාල අභිප‍්‍රාය බැසිල් රාජපක්ෂ මහතා පත් කළ මන්තී‍්‍රවරයකු ලෙස පත් කර ගෙන ආණ්ඩුව තව තවත් ශක්තිමත් කිරීමයි. මන්තී‍්‍රවරුන්ගේ ඉල්ලීම මත ඔහු පාර්ලිමේන්තුවට පිවිසෙන බව ස්ථිරයි." යැයි ද ප‍්‍රසන්න රණවීර මහතා කීවේය.

Rate this item
(0 votes)