April 18, 2024

පශ්චාත් මරණ පරීක්ෂණයට ගොඩගත් මිනිය අතුරුදන් - නීතිය නවපු හැටි ගැන ඥාති දියණිය සියල්ල හෙළි කරයි (VIDEO)

November 28, 2020

අභිරහස් ලෙස මිය ගිය කාන්තාවකගේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අධිකරණ නියෝගයක් මත මීට මාස 8කට පෙර ගොඩගත් මළ සිරුර අතුරුදහන් වී ඇති බවත් මේ තාක් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කර නැති බවත් අදාල නඩු ගොනුව අධිකරණයෙන් අස්ථානගතව ඇති බවත් වාර්තා වේ.

රාගම ප්‍රදේශයේ අවිවාහකව තනිව ජීවත්ව සිට ඇති මෙම කත ඇගේ ඥාති පුත්‍රයකුගේ ඉල්ලීම මත ඔහු හා විසීමට යාම සඳහා සිය නිවස විකුණා මුදල් ලබා ගෙන දින තුනකින් අභිරහස් ලෙස මිය ගොස් තිබුණි.

කත මිය යාමට දිනකට පෙර ඇගේ ඥාති පුත්‍රයා විසින් අවසන් කටයුතු සඳහා මල් ශාලාවට මුදල් ගෙවා තිබීමත්, කත නිවස විකුණා ලබා ගත් බැංකුවේ දමා තිබුණු මුදල් කත මිය යාමෙන් සතියකට පසු අදාල ඥාති පුත්‍රයා විසින් ලබා ගෙන තිබීමත්, කත මිය යන අවස්තාවේදී නිවසේ තබා ගෙන සිටියා යැයි කියන රු ලක්ෂ 7ක මුදල් අස්තාන ගත වීම අදාල ඥාති පුත්‍රයා විසින් සැක නොමැති බව පැවසීමත් සමග මිය ගිය කතගේ වැඩිමහලු සොහොයුරිය මෙම මරණය සැක කටයුතු මරණයක් යැයි ප්‍රකාශ කර තිබේ.

පැමිණිල්ල සටහන් කිරීමට රාගම පොලිසියට ගිය අවස්ථාවේ සිට මළ සිරුර නොමැති වීම දක්වා නිලධාරීන් හා බලධාරීන් රටේ නීතිය නවපු හැටි ගැන ඥාති දියණිය සියල්ල හෙළි කර තිබේ.

අරුණ පුවත්පත සමඟ පැවැත්වූ එම සාකච්ඡාවේ වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Saturday, 28 November 2020 20:35