April 23, 2024

ආණ්ඩුවේ බලය හා ශක්තිය තවම විපක්ෂයට පෙන්නුවේ නැහැ - ළඟදීම බලා ගන්න පුළුවන්

November 28, 2020

ආණ්ඩු පක්ෂයේ පසුපෙළ සිටින සෑම මන්ත්‍රීවරයෙකුටම ඔවුන් නම් කරපු 600න් 300කට ආණ්ඩුව රැකියා ලබාදී ඇති බව මහින්දානන්ද අලූත්ගමගේ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කරන ලදී.

අයවැය විවාදයට එක්වෙමින් ඔහු එම හෙලිදරව්ව කරන ලද්දේ යහපාලන ආණ්ඩුවේ සිටියදී අද සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට රැකියා 20ක්වත් දීමට අවස්ථාව නොලැබුණු බව බවද මතක් කරමිනි.

තමා මේ කතා කරන්නේ ආණ්ඩුවේ බලය හා ශක්තිය එක් කොට බව පෙන්වා දුන් අමාත්‍යවරයා තවමත් විපක්ෂයට ආණ්ඩුවේ බලය හා ශක්තිය පෙන්වා නොමැති බවත් එය ළඟදීම දැකබලා ගැනීමට හැකි බවටද අනතුරු අඟවන ලදී.

විපක්ෂයේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අධිකරණයට අපහාස කරමින් අධිකරණයට විහිළු කරමින් කරන කටයුතු නිසා ළඟදීම ඔහුගේ ප්‍රජා අයිතියද අහෝසි වීමට ඉඩ ඇති බවට ද අලූත්ගමගේ අමාත්‍යවරයා තවත් අනතුරු ඇඟවීමක් විපක්ෂයට කරන ලදී.

අලූත්ගමගේ අමාත්‍යවරයා එම අනතුරු ඇඟවීම කරන ලද්දේ හරීන් ප්‍රනාන්දු මහතා විසින් මෑතකදී පවත්වන ලද පුවත්පත් සාකච්ඡාවක දී පිල්ලෙයාන්ට බේල් ශානිට ජේල් යනුවෙන් කළ ප්‍රකාශයට පිළිතුරු ලෙස ය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 28 November 2020 19:09