April 25, 2024

LPL ගහන්නේ කොවිඩ් අරමුදලේ මුදල්වලින් හේශාට සැකයක්‌?

November 28, 2020

රුපියල් 5000කින් මාසයක් කන්න පුළුවන් යැයි කියන මේ ආණ්ඩුව LPL ක්‍රිකට් තරගාවලිය සදහා මුදල් සපයා ගන්නේ කෙසේදැයි විපක්ෂයේ මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන ලදී.

හුදකලා කර තිබෙන ප්‍රදේශවල ජනතාවට ජීවත්වීමට මාර්ගයක් නොමැති ව සිටින මේ මොහොතේ LPL ක්‍රිකට් තරගාවලියට අවශ්‍ය මුදල් කොවිඩ් 19 අරමුදලින් ලබා දී ඇත්දැයි සැකයක් තිබෙන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන ලදී.

මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ අය-වැය විවාදයේ ක්‍රීඩා අමාත්‍යාංශ වැය ශීර්ෂය එක්වෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 28 November 2020 19:02