April 24, 2024

පුංචි කාලේම ශ්‍රී ලංකාවෙන් ගිය ලෝකයේ තනිකඩම හස්තියා වුණු 'කාවන්' අවසානයේ නිදහස ලබයි

November 28, 2020

වර්ෂ 1985 දී ශ්‍රී ලංකාවේ එකළ ජනාධිපතිවරයා වූ ජේ.ආර්.ජයවර්ධන මහතා විසින් පාකිස්ථානය වෙත ඇත් පැටවෙකු පරිත්‍යාග කර තිබුණි.

මෙම ඇත් පටවා 'කාවන්' නමින් හැඳින් වූ අතර මෙම පරිත්‍යාගයට හේතුව බවට පත් වී තිබුණේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය වෙත පවතින ද්විපාර්ශික සම්බන්ධතාවයේ ශක්තිය පෙන්වීම සඳහායි.

මෙම ඇත් පැටවාව එකළ පාකිස්ථානයේ ජනාධිපතිවරයා වු සියා-උල්-හක් විසින් භාර ගන්නා ලදී.

එතැන් පටන් කාවන් සිය ජීවිත කාලය වැඩි කාලයක් ගත කර ඇත්තේ පාකිස්තානයේ ඉස්ලාමාබාද් සත්වෝද්‍යානයේය. 

ඉතාමත් සීමිත ගණනක් සිටින පාකිස්ථාන අලි ඇතුන් ප්‍රමාණයෙන් එක් හස්තියෙකු ලෙස කාවන් ද හැඳින්විය හැකිය.

ඉස්ලාමාබාද් සත්වෝද්‍යානයට එන පිරිස සතුටු කළ කාවන් හට 'ලෝකයේ තනිකඩම හස්තියා' යන විරුදාවලිය පට බැඳෙන්නේ කිසිදු සහාකාරියක් නොමැති ජීවිතය වැඩිම කාලයක් ගත කළ හස්තියා වීම හේතුවෙනි.

ඉස්ලාමාබාද් සත්වෝද්‍යානයේ ජීවිතය ගත කළ කාවන් මානසිකව පීඩාවට පත්ව සිටි අතර කාවන් රැඳි සිටි ස්ථානයේ බිත්තියක් දෙසට හැරී දිගටම කාලය ගත කරමින් තමන්ගේ හුදකලා බව දරාගන්නට විය.

සත්ත්ව සංවිධානයන් කාවන්ගේ නිදහස වෙනුවෙන් දැවැන්ත ප්‍රචාරණ ක්‍රියාවලියක් දියත් කළේය.

 ඒ අතර ලෝක ප්‍රසිද්ධ පොප් ගායිකාවක් වන චෙරලින් සර්කිසියන් හෙවත් චෙර් ද සිටියාය.

එම උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අධිකරණය විසින් 2020 මැයි 21 වෙනිදා විශේෂ තීන්දුවක් ලබාදෙමින් කාවන්ව වහාම  සත්වෝද්‍යානයෙන් වෙනත් ස්ථානයකට රැගෙන යන ලෙස පවසා තිබුණි.

නමුත් එම තීන්දුවෙන් පසුව කාවන්ව වෙනත් ස්ථානයකට මාරු කර යවන අතර එයින්ද කාවන් තුළ වෙනසක් නොපෙනුණි.

වසර ගණනාවක් දම්වැල් නිසා ඇති වූ තුවාල සහ හුදකලා බව හේතුවෙන් කාවන්ගේ මානසිකත්වය දිනෙන් දින පිරිහි ගොස් තිබූ බව සත්ත්ව සංවිධානයන් පවසා තිබුණි.

අවසානයේ සත්ත්ව සංවිධානයන් සහ තවත් බොහෝ පිරිසක දැවැන්ත උත්සාහයකින් පසුව කාවන් හස්තියාව කාම්බෝජියාව වෙත භාර දීමට පාකිස්ථානය එකඟතාවය පළ කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හුදකලාව එකම ස්ථානයේ සිටීම නිසා අධික ලෙස බර වැඩි වීමත්, මානසික ව්‍යාකූලත්වය නිසා තරහා යෑම නිසාත් කාවන්ව කාම්බෝජියාව වෙත ගෙන යෑමට දුෂ්කර කටයුත්තක්ව තිබුණි.

කෙසේ වෙතත් විශේෂඥ සත්ත්ව වෛද්‍යවරුන් පිරිසකගේ අධීක්ෂණය ලැබීමත් සමඟ එම කාර්යද ඉෂ්ට කර ගැනීමට හැකියාව ලැබී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

කාම්බෝජියාවේ වනාන්තර අතර කාවන්ට නිදහස ලැබෙනු ඇති බවට සත්ත්ව සංවිධානයන් පවසා තිබේ.

.

Rate this item
(2 votes)