April 25, 2024

සිව් වසරකින් රට පානීය ජලයෙනුත් ස්වයංපෝෂිතයි - සනත් නිශාන්ත

November 28, 2020

ඉදිරි වර්ෂ 4 තුළ සමස්ත ශ්‍රී ලංකාවාසීන්ගේම පානීය ජල ප්‍රශ්නය විසඳන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ දී සහතික විය.

මේ වන විට පානීය ජල පහසුකම් ඇත්තේ 53.7%කට බව ද පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා ඉදිරි වර්ෂ 4 තුළ මේ අභියෝගය ජය ගන්නේ කෙසේදැයි හිටපු ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ප්‍රශ්න කළ බව ද පෙන්වා දෙන ලදී.

ඊට පිළිතුරු ලෙස රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය රජය සමයේ මෙන් විදේශ ණය මත එක් පවුලකට ජලය ලබා ලබා දීමට ලක්ෂ 8ක පමණ මුදලක් වැය වී ඇති බවය.

වත්මන් ආණ්ඩුව විදේශ ණය ලබා ගෙන තවත් ණය වීමට බලාපොරොත්තුවක් නොමැති අතර දේශීය ණය හා ආයෝජන හරහා එම ඉලක්කයට ළඟා වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.

ජල සම්පාදන මණ්ඩලයේ ජල නල මාර්ග හරහා ජලය ලබා දීම අපහසු දුෂ්කර ප්‍රදේශවලට ප්‍රජා ජල ව්‍යාපෘති හරහා ජලය ලබා දෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

එම වැඩපිළිවෙළ වඩාත් ක්‍රමානුකූලව කිරීම සඳහා ප්‍රජා ජල දෙපාර්තමේන්තු පනත හඳුන්වා දෙන බව ද සනත් නිශාන්ත මහතා පෙන්වා දෙයි.

මේ වන විටත් ප්‍රජා ජල ව්‍යාපෘති හරහා පවුල් 7 ලක්ෂ 23,000 කට පානිය ජලය සපයන බව පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා ඉදිරි වර්ෂය තුළ නව ප්‍රජා ජල ව්‍යාපෘති 1000ක් ආරම්භ කරන බවද අනාවරණය කරන ලදී.

Rate this item
(0 votes)
Last modified on Saturday, 28 November 2020 16:13

Related items