April 20, 2024

පිල්ලෙයාන් නිදහස් වුණ හැටි ගැන අලි සබ්‍රි පාර්ලිමේන්තුව දැනුවත් කරයි

November 28, 2020

පිල්ලෙයාන්ගෙන් නඩුව ගැන විශේෂ අවධානයක් තමා යොමු කළ බවත් 2015 සිට ඔහුව වසර 5ක් සිරගත කොට තිබූ බවත් එසේ කරන ලද්දේ යම් පුද්ගලයකු දුන් පාපොච්චාරණයක් පදනම් කොටගෙන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරන ලදී.

ඒ පාපොච්චාරණය ස්වෙච්ඡාවෙන් ලබා දුන්නේ නැති බව සනාථ වීම හේතු කොටගෙන පිල්ලෙයාන් මන්ත්‍රීවරයාට එරෙහිව කිසිදු සාක්ෂියක් නොමැති වීම නිසා ඔහුව නිදහස් කල බව ද අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

අධිකරණ කටයුතු පිළිබඳව විවේචනය කරද්දී කරුණු සොයා බලා සමාජය නොමග යන ආකාරයට විවේචන නොකරන ලෙස ද අධිකරණ අමාත්‍යවරයා ඉල්ලීමක් කරන ලදී.

ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ජෝෂප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වසර 5කට අධික කාලයක් සිරගත කොට තිබිණි.

Rate this item
(0 votes)