March 29, 2024

ශානි ගැන ප්‍රශ්න අහන්න විපක්ෂයේ ජේෂ්ඨයෝ බැහැ කියයි

November 28, 2020

බන්ධනාගාරගතව සිටින අපරාධ විමර්ශන අංශයේ ශානි අබේසේකර මහතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න ඇසීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කරන ඉල්ලීම සමගි ජනබලවේගයේ ජේෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම ප්‍රතික්ෂේප කොට තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ශානි අබේසේකර මහතා රාජකාරි කටයුතුවල නියැළෙද්දී ඔහු කටයුතු කළ ආකාරය පිළිබඳව සතුටු විය නොහැකි බව එම ජේෂ්ඨ මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබේ.

මේ නිසාම මීට ටික දිනකට පෙර ශානි අබේසේකර මහතා කොවිඩ් 19 රෝගය වැළඳීම හේතුවෙන් පත්ව සිටින තත්ත්වය පිළිබඳව සොයා බලා ඒ සම්බන්ධයෙන් මානුශීය කටයුතු කරන ලෙස පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ම සිදුවිය.

Rate this item
(3 votes)
Last modified on Saturday, 28 November 2020 14:45