April 20, 2024

රමේෂ් පතිරණට "සර්" නොකිව්ව නිසයි මාත් එක්ක හැප්පෙන්නේ

November 28, 2020

තමාටත් දවසක් එන බව එදාට තමා රමේෂ් පතිරණ සමග තිබෙන ගනුදෙනුව බේරා ගන්නා බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය සදහන් කරයි.

රමේෂ් පතිරණ ද තමා හා සමකාලීනව දේශපාලනයට පැමිණි පුද්ගලයකු බව පෙන්වා දෙන කුමාරසිංහ මහත්මිය තමා ඔහුට "සර්" ලෙස ආමන්ත්‍රණය නොකිරීම තමා සමග වෛර බැඳීමට හේතු වී තිබෙන බවද සඳහන් කරයි.

"සර්" කියමින් රමේෂ් පතිරණ ඉදිරියේ වැඳ වැටෙන පුද්ගලයින්ට ඔහු කැමති බවද කුමාරසිංහ මහත්මිය පෙන්වා දෙයි.

පාර්ලිමේන්තු මැතිවරණයට පෙර මෙන්ම මැතිවරණයෙන් පසු අදටත් රමේෂ් පතිරණ තමාට හිරිහැර කරන බවට ද කුමාරසිංහ මහත්මිය චෝදනා කරයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 28 November 2020 17:05