April 23, 2024

දේශප්‍රේමිත්වය කියන්නේ පපුවට ගසා ගැනීම නෙමෙයි - පුලුවන්නම් තෙල් ටැංකි සංකීර්ණය අරගන්න

November 28, 2020

දේශප්‍රේමිත්වය කියන්නේ මහ පොළොව සිප ගැනීම හෝ පපුවට ගසා ගැනීම නොවන බව ජාතික ජන බලවේග මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කරන ලදී.

තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගය ආණ්ඩුවේ හෘද සාක්ෂිය ගැන සැබෑ ලිට්මස් පරීක්ෂණය බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ත්‍රිකුණාමලේ තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ඉන්දියාවේ IOC සමාගම සමඟ අත්සන් කළ ගිවිසුම තාවකාලික ගිවිසුමක් බවත් පෙන්වා දෙන මන්ත්‍රීවරයා එහි වලංගු කාලය අවසන් වී මාස හයක් ගතව ඇති මුත් තවමත් එය ආණ්ඩුවට පවරා නොගන්නේ මන්දැයි ප්‍රශ්න කරන ලදී.

එම සමාගම විසින් ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් 1000 බද්ධ පවා ගෙවා නොමැති බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

වත්මන් රජය බලයට පැමිණි අවස්ථාවේ තෙල් ටැංකි සංකීර්ණය පවරා ගන්නා බවට තෙල් සංස්ථාවේ සභාපතිවරයා ප්‍රකාශ කළ ද දැන් එවැන්නක් සිදුනොවන බව පෙනෙන්නට තිබෙන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

තමන්ට දැනෙන ආකාරයට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ආණ්ඩුවට පවරා නොගන්නා බවද දිසානායක මහතා ප්‍රකාශ කරන ලදී.

Rate this item
(0 votes)