April 20, 2024

ඇමති නාමල් කෝ? ක්‍රීඩා අමාත්‍යංශ විවාදයේ දී විපක්ෂයේ මන්ත්‍රීවරු විටින් විට ප්‍රශ්න කරයි

November 28, 2020

අයවැය විසර්ජන පනත් කෙටුම්පත් විවාදයේ දී අද (28) විවාදයට ගැනුණු ක්‍රීඩා අමාත්‍යාංශය වැය ශීර්ෂය විවාදයට විෂය භාර අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා නොසිටීම පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප වතාවක්ම පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන ලදී.

විවාදය ආරම්භයේ දී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අතර ඊට කතානායකවරයා පිළිතුර ලෙස සඳහන් කළේ තමන්ට ඒ සම්බන්ධයෙන් කිසිවක් දැනුම් දී නොමැති බවය.

ඉන්පසු යළිත් දිවා භෝජනයට ටික වේලාවකට පෙර සභාව ඇමතූ විපක්ෂයේ මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා ද තමාට ක්‍රීඩාව සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට තිබෙන බවත් එය ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරියේ කළ යුතු බැවින් නාමල් රාජපක්ෂ මහතා කොහේදැයි ප්‍රශ්න කරන ලදී.

එහෙත් ඊටද මුලාසනයෙන් ප්‍රතිචාරයක් නොදක්වන ලදි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 28 November 2020 13:08