April 20, 2024

වනජීවී නිළධාරීන් පිස්සු බල්ලො වගේ - රොෂාන් රණසිංහ

November 27, 2020

සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිළධාරීන්ගේ සංගමය වේ වනවිට සංකේත වැඩවර්ජනයක නිරත වී සිටියි. ඒ වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාට විරෝධය පළ කරමිනි.

ඊයේ දිනයේදී අමාත්‍යවරයා වනජීවී නිළධාරීන් පිරිසකට බැනවැදී තර්ජනය කළ අතර මේ පිළිබඳව බළධාරීන් අවධානය යොමුකර අවශ්‍ය පියවර නොගන්නේ නම් ඉදිරි සතියේදී වැඩවර්ජනයක් ආරම්භ කරන බවද වනජීවී නිළධාරී සංගමය අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මාධ්‍ය හමුවකදී සඳහන් කළේ වනජීවී නිළධාරීන් ජනතාවගේ පැත්තෙන් සිතා කටයුතු නොකරන බවය. එම නිළධාරීන් ඔවුන්ට අවශ්‍ය ආකාරයට පමණක් නීතිය ක්‍රියාත්මක කරන බවත්, රුපියල් ලක්ෂ 05 බැගින් අයකර නීතිවිරෝධී ලෙස වැලි ගොඩදැමීම සඳහා අවස්ථාව ලබාදෙන බවය. කෙසේ වෙතත් නීත්‍යනුකූලව වැලි ගොඩදැමීමට අවස්ථාව ලබාදීමට කටයුතු කළහොත් ඒ සඳහා වනජීවී නිළධාරීන් විරෝධය දක්වන බවත් ඇමතිවරයා පවසයි.

විමලවීර දිසානායක ඇමතිවරයා ඊයේ නිළධාරීන් සමග කිසිදු ගැටුමකට නොගිය බවත් ඔහු ජනතාව වෙනුවෙන් පෙනී සිටි බවත් පෙන්වා දෙන රොෂාන් රණසිංහ මහතා පවසන්නේ වනජීවී නිළධාරීන් පිස්සු බල්ලන් මෙන් හැසිරෙන බවය.

Rate this item
(0 votes)

Related items