March 28, 2024

"ඔක්සිජන් එපා කියපු ඇමති කෙනෙක් ආණ්ඩුවේ නැහැ" - සනත් නිශාන්ත පාර්ලිමේන්තුවේදී කියයි

November 27, 2020

"කලපුවල තිබුණු ගස් කපලා ඔක්සිජන් අවශ්‍ය නැහැ කියපු රාජ්‍ය අමාත්‍යවරුන් සිටි නිසා රාජ්‍ය නිලධාරීන් බියට පත්ව සිටිනවා" යැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා අද (27) පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ප්‍රකාශ කර සිටියේ 'ඔක්සිජන් එපා' කියපු රාජ්‍ය අමාත්‍යවරයෙකු ආණ්ඩුවේ නැති බවයි.

ඔහු එහිදී කියා සිටියේ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා විසින් කළ ප්‍රකාශයට කණගාටුවට පත් වන බවයි.

එම සිදුවීමට තමන් සම්බන්ධ වූ බවත්, වරාය නිරික්ෂණය කිරීම සඳහා නිමල් ලන්සා අමාත්‍යවරයාගේ ආරාධනාවක් පිට ගිය අවස්ථාවක එම සිදුවීම වු බවද ඔහු ප්‍රකාශ කළේය.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ වන සංරක්ෂණ නිලධාරීනියක් සහ ජනතාව අතර සිදු වුණු ගැටලුවකදී එම ස්ථානයේ හිටපු ධීවරයෙකු විසින් එම ප්‍රකාශය කළ බවයි.

එයට තමන් මැදිහත් වුයේ ගැටලුව විසඳීමට පමණක් බවත්, පහත් දේශපාලනයක් කරන්න එපා යැයිද මතක් කර සිටින බවද සනත් නිශාන්ත අමාත්‍යවරයා සඳහන් කළේය.

Rate this item
(0 votes)

Related items