March 28, 2024

“පැත්තක හිටපු මිනිහෙක් එහෙම කිව්වේ - බොරු කියන්න එපා - අපිට හිතාගන්න පුළුවන් හැසිරුණු විදිහ” - විමලවීර සහ චමින්ද පැටලෙයි

November 27, 2020

අද (27) පාර්ලිමේන්තු සැසිවාරයේ දී  ධීවර, වැවිලි කර්මාන්ත හා ඒ ආශ්‍රිත ඉඩම් යන අමාත්‍යංශය හා රාජ්‍ය අමාත්‍යංශ සම්බන්ධයෙන් වූ විසර්ජන කෙටුම්පත් විවාදය අවස්ථාවේ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාගේ කතාව අවස්ථාවේ තරමක් උණුසුම් තත්ත්වයක් නිර්මාණය විය.

එහිදී චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා සිය කතාව ආරම්භ කරමින් පොළොන්නරුව ජල ගැලුම් නිම්න රක්ෂිතයේ මාර්ගයක් ඉදිකිරීමට ගොස් ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් සිය අදහස් පළ කළේය.

ඔහු එහිදී කියා සිටියේ 'ගවයන් එක්ක ගස් කපන්න යන ගවයන්' ඒ වනාන්තරය විනාශය කිරීමට පිටුදකින බවයි.

ඒ අවස්ථාවේ රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයා විසින් පවසා සිටියේ එම කතාව තරයේ ප්‍රතික්ෂේප කරන බවත් එවැනි කිසිම කාරණයක් නැති බවයි.

හොර තක්කඩින් වෙනුවෙන් කවදාවත් පෙනී නොසිටින බවත් පොළොන්නරුව තුළ කවදාවත් එවැනි ක්‍රියාවන්ට ඉඩ ලබා නොදෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

විමලවීර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා යනු නොකිලිටි චරිතයක් බවත්, ඔහු ඒ අවස්ථාවේ පෙනී සිටියේ ජනතාව වෙනුවෙන් බවත් රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කළේය.

වනජීවි නිලධාරීන් හට මාසය අන්තිමට පඩිය ලැබුණත්, එම ජනතාවට එසේ නොලැබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී අවධාරණය කර සිටියේය.

චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේ තමන් විමලවීර දිසානායක අමාත්‍යවරයාට ගරු කරන බවත්, ඔහු ඒ අවස්ථාවේ හැසිරුණු ආකාරය ගැන කණගාටු වන බවයි.

එමෙන්ම මාධ්‍ය තුළ එම සිදුවීම් ගිය බවත්, රොෂාන් රණසිංහ අමාත්‍යවරයාටත් එවැනි කටයුතුවලදී ප්‍රවේශම් වන ලෙසද පවසා සිටියේය.

එම අවස්ථාවේ විමලවීර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා විසින් අදහස් පළ කරමින් චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාට පවසා සිටියේ නොදන්නා දේවල් කතා නොකර ලෙසයි.

එම ස්ථානයේ කිසිදු තීන්දුවක් ගෙන නොමැති බවත්, තීන්දුවක් නොගත් දෙයකට විරුද්ධ වන්නේ ඇයිදැයි යන්නද විමලවීර අමාත්‍යවරයා විසින් විමසා සිටියේය.

කෙසේ වෙතත් චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ විමලවීර දිසානායක මන්ත්‍රීවරයා විසින් යම් තීන්දුවක් ගන්නා ආකාරය මාධ්‍ය තුළින් දුටු බවයි.

ඉවසීමෙන් කටයුතු කළහොත් ගෞරවය රැක ගැනීමට හැකි බවද චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා විසින් අමාත්‍යවරයාට පවසා සිටියේය.

කලපුවල තිබුණු ගස් කපලා ඔක්සිජන් අවශ්‍ය නැහැ කියපු රාජ්‍ය අමාත්‍යවරුන් සිටි නිසා රාජ්‍ය නිලධාරීන් බියට පත්ව සිටින බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. එම ප්‍රකාශයත් සමඟ සභාව තරමක් උණුසුම් විය.

එහිදී නැවත වරක් විමලවීර දිසානායක අමාත්‍යවරයා නැගී සිටි අතර එහිදී ඔහු කියා සිටියේ "පොඩ්ඩක් ඉඩ දෙන්න මට..මේ ආණ්ඩුවේ කිසිම අමාත්‍යවරයෙක් ඔක්සිජන් ඕන නැහැ කියලා නැහැ..ඒ සිද්ධියේ දී පැත්තක ඉන්න මිනිහෙක් කියලා තියෙන්නේ..බොරු කියන්න එපා.. මේ ආණ්ඩුවේ කිසිම අමාත්‍යවරයෙක් එහෙම කියලා නැහැ...." යනුවෙනි.

එහිදී චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා කියා සිටියේ "අපිට දැනගන්න පුළුවන් ඔබතුමා ඊයේ හැසිරුණු විදිහ..ඒ නිලධාරීන් සාධාරණයි සමහර වෙලාවට..ගරු ඇමතිතුමා තොප්පිය දාගන්න එපා..තොප්පි දාගන්න එපා.. මම ආවේ ඔයා ගැන කියවන්න නෙමෙයි.." ලෙසයි.

 

Rate this item
(0 votes)

Related items