April 19, 2024

සනීපාරක්ෂක බද්දේ කතාව තනිකරම බොරුවක් - වෙළඳ ඇමැති කරුණු දක්වයි

November 27, 2020

කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා කිසිදු අතිරේක බද්දක් අයවැයෙන් යෝජනා කර නොමැති බව බන්දුල ගුණවර්ධන වෙළඳ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා 15%ක බද්දක් පනවා ඇති බව බොරුවක් බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

විදේශයෙන් ආනයන කරන සනීපාරක්ෂක තුවා සඳහා 30%ක ආනයන බද්දක් දැනටමත් අයකරන බවත් අයවැයෙන් යෝජනා කර තිබෙන්නේ එම 30%න් 15%ක් ආනයන බදු ලෙසත් ඉතිරි 15% සෙස් බද්දක් ලෙස අය කිරීමටත් බවත්ය. 

ඒ නිසා කිසිදු බදු වැඩිකිරීමක් සිදු නොවන බව පෙන්වා දෙන ගුණවර්ධන මහතා දේශීයව නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ ආනයනය කිරීම හැකිතාක් දුරට අඩු කොට දේශීය නිෂ්පාදිකයන්ට අවස්ථාව ලබා දීම බවද සඳහන් කරයි. 

Rate this item
(0 votes)