March 29, 2024

පාතාලයේ ඉන්න අයට ඇමැති සරත් වීරසේකරගෙන් ආරාධනා - අලුත් ඇමැතිකමේ වැඩ පෙන්නන හැටිත් කියයි Featured

November 27, 2020

අන්තවාදයට සහ ත්‍රස්තවාදයට ඉඩදෙන කිසිවෙකුට කිසිදු සමාවක් නොදෙන බව මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යවරයා ලෙස ඊයේ (26) දිවුරුම් දුන් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට හැකි සමාජයක් නිර්මාණය කිරීමට නම් පාතාලය සම්පූර්ණයෙන් ඉවත් කළ යුතු බව ඔහු සඳහන් කළේය.

රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සිය, නව අමාත්‍ය ධූරයේ දිවුරුම්දීමෙන් පසු හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ආගමික වතාවත්වල නිරත වී ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.

"ජනාධිපතිතුමා මට මේ වගකීම භාර දුන්නේ ලංකාවේ ඉන්න සමස්ත ජනතාවටම කිසිදු බියකින් හෝ සැකයකින් තොරව ජීවත්වෙන්න පුළුවන් වාතාවරණයක් හදන්න කියලා. ඒ වගකීම මම භාර ගන්නවා. ඒ වගකීම ඉතාම හොඳින් ඉටු කරනවා. පොලිසිය මහජන හිතවාදීව, මහජනයා තුළ විශ්වාසයක් නැගෙන ස්ථානයක් බවට පත්කරනවා. ඒ වගේම මගේ විෂය පථයේ තියෙන්නේ අනිවාර්යයෙන්ම පාතාලය නවත්වන එක සහ කුඩු නවත්වන එක. ඉතින් ඒ දෙක අනිවාර්යයෙන්ම ඉදිරියේදී කරනවා. පාතාලයට සම්බන්ධවෙලා ඉන්න අය ඉන්නවා නම් ඒ අයට අපි ආරාධනා කරනවා යහපත් සමාජයට ඇවිල්ලා තමාගේ එදිනෙදා කටයුතු කරන්න කියලා. ජනතාවට බියකින් සැකෙන් තොරව ජීවත්වීමට පුළුවන් සමාජයක් හදන්න නම් පාතාලය සම්පූර්ණයෙන් ඉවත් කළ යුතුයි. කුඩු ඉවත් කළ යුතුයි. ඒ වගේම අන්තවාදයට සහ ත්‍රස්තවාදයට ඉඩදෙන කාටවත් අපි කිසිම සමාවක් දෙන්නේ නෑ," යනුවෙන් ද කැබිනට් අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසීය.

Last modified on Friday, 27 November 2020 13:42

Related items