March 29, 2024

පී.සී.ආර්. පරීක්ෂණ මඟහරින පිරිසක් නිසා අටුලුගම දැඩි අවදානමක! කොරෝනා ආසාදිතයින් වැඩිවෙයි

November 27, 2020

පසුගිය දා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව අටුලුගම ප්‍රදේශයේ තවත් පුද්ගලයින් 20දෙනෙකුට කොවිඩ් නයින්ටින් වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වී තිබේ.

එමෙන්ම එම ප්‍රදේශයේ ඊයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවලින් තවත් 6 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. 

ඒ අනුව, අටුලුගම ප්‍රදේශයෙන් වාර්තාවන සමස්ථ ආසාදිතයින් ගණන 164 කි.

මේ අතර අටුලුගම ප්‍රදේශයේ ඇතැම් පිරිස් පී.සී.ආර්. පරීක්ෂණ මඟහරිමින් සිටින බවට බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා චෝදනා කරයි.

Rate this item
(0 votes)