April 18, 2024

ස්වාධීන කොමිෂන් සභා 5කට ජනපතිගෙන් පත් කිරීම් - මැ.කො සභාපති නිමල් පුංචිහේවා

November 27, 2020

ස්වාධීන කොමිෂන් සභා පහක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් සාමාජිකයන් පත්කර ඇත.
 
ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස නිමල් ජී. පුංචිහේවා මහතා නම් කර ඇති අතර, සෙසු සාමාජිකයන් ලෙස එම්. එම්. මොහොමඞ්, ගුණපාල වික‍්‍රමගේ, ජීවන් ත්‍යාගරාජා සහ කේ. පී. පී. පතිරණ යන මහත්වරුන් නම් කර තිබේ.
 
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නව සභාපති ලෙස විනිසුරු ජගත් බාලපටබැඳි මහතා ද, සෙසු සාමාජිකයන් ලෙස ඉන්‍ද්‍රානි සුගතදාස, ලීලසේන ලියනගම, වෛද්‍ය ටී. ආර්. සී. රුබේරු, ඩයන් ගෝමස්, ඩබ්ලිව්. එම්. පියදාස, දිලිත් ජයවීර, හේමා ධර්මවර්ධන හා නිමල් කරුණාසිරි යන මහත්ම මහත්මීන් නම් කර ඇත. ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලෙස හිටපු පොලිස්පතිවරයකු වන චන්‍ද්‍රා ප‍්‍රනාන්දු මහතාත්, සෙසු සාමාජිකයන් ලෙස එස්. ලියනගම, සංජීව පතිරණ, එම්. එස්. එම්. සම්සුදීන් සහ පේ‍්‍රමසිරි ප‍්‍රනාන්දු යන අය පත්කර ඇත.
 
මෙයට අමතරව මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති ලෙස ජගත් බාලසූරිය මහතා පත්කර ඇත. විජිත නානායක්කාර, චන්දන උඩවත්ත, හර්ෂ නවරත්න සහ කුමාර බලල්ල යන අය එහි සෙසු සාමාජිකයෝ වෙති.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව සභාපතිත්වයට හිටපු විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය නම් කර ඇත. හිටපු විනිසුරු දීපාලි විජේසුන්දර හා චන්‍ද්‍රා නිමල් වාකිෂ්ඨ යන අය එහි සෙසු සාමාජිකයෝ වෙති.

Rate this item
(0 votes)
Last modified on Friday, 27 November 2020 03:34