April 19, 2024

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ පස්වන දිනය අද - LIVE UPDATE Featured

November 27, 2020

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ පස්වැනි දිනය අද (25) ආරම්භ විය.

කතානායකවරයා මුලසුනට පැමිණීමෙන් පසු සභාවේ වැඩ කටයුතු ආරම්භ විය.

LIVE UPDATE...

කතානායකවරයාගේ පැමිණීමෙන් පසු අයවැය සිව්වනවර කියවීමේ විවාදය ආරම්භ විය.

ලිපි ලේඛන පිළිගැන්වීමෙන් අනතුරුව මහජන පෙත්සම් ඉදිරිපත් කරන ලෙස කතානායකවරයා සභාවට දැනුම් දුන් අතර රමේෂ් පතිරණ, එස්.එම.මරිකාර් හා සුදත් මංජුල යන මන්ත්‍රීවරුන් පෙත්සම් ඉදිරිපත් කරන ලදී.

ඒවා මහජන පෙත්ස සභාවට ඉදිරිපත් කරන ලෙස කතානායකවරයා දැනුම් දීමෙන් පසු වාචික ප්‍රශ්න ඇසීම ආරම්භ විය. 

ඒ අනුව බුද්ධික පතිරණ, එස්.එම්.මරික්කාර්, මොහොමඩ් මුසම්මිල්, කාවින්ද ජයවර්ධන යන මහත්වරුන් ප්‍රශ්න ඉදිරිපත් කල අතර ඊට සිසිර ජයකොඩි, මහාචාර්ය ජි.එල්.පිරිස්, අජිත් නිවාඩ් කබ්රාල් යන ඇමතිවරුන් හා රාජ්‍ය ඇමතිවරුන් ඊට පිළිතුරු දෙන ලදී.

ෂරියා නිතිය උගන්වන විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් කාවින්ද ජයවර්ධන මහතා ඇසූ ප්‍රශ්නයක් මුල් කොට ගෙන ඔහු හා අධ්‍යාපන අමාත්‍යවරයා අතර විවාදාත්මක තත්වයක් ඇති විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ෆිනෑන්ස් සමාගමේ ගනුදෙනුකරුවන් මුහුණ දී සිටින තත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් හා ප්‍රශ්න කිරීමක් කරන ලදී. ඊට පිළිතුරු දීමට සතියක කාලයක් ආණ්ඩුව විසින් ඉල්ලන ලදී.

ඉන්පසු ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා කොළඹ හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාවට ලබා දී ඇති සහන පිලිබඳ වාර්තාවක් සභාවට ඉදිරිපත් කරන ලදී. එහිදී හුදකලා කර තිබෙන ප්‍රදේශ වල ජිවත් වන පවුල් ඒකක ගණන,පුද්ගලයන් ගණන හා රුපියල් 5000 ලබා දීමට වැය වූ මුදල පිලිබඳ විස්තරයක් සභාවට ඉදිරිපත් කරන ලදී. 

ධිවර, වැවිලි කර්මාන්ත හා ඒ ආශ්‍රිත ඉඩම් යන අමාත්‍යංශය හා රාජ්‍ය අමාත්‍යංශ සම්බන්ධයෙන් වූ විසර්ජන කෙටුම්පත් විවාදය ආරම්භ වීම.

විවාදය ආරම්භ කරමින් විපක්ෂයේ වෙනුවෙන් අදහස් දැක්වූ ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා ඉඩම්, කුඩා තේ වතු හිමියන් හා වතු කම්කරුවන් මුහුණ දෙන ගැටළු පිළිබඳව සභාවට කරුණු ඉදිරිපත් කරන ලදී.

ආණ්ඩුව පාර්ශවයෙන් විවාදයට එක්වෙමින් වැවිලි කර්මාන්ත විෂය භාර රමේෂ් පතිරණ මහතා සඳහන් කලේ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් බොහෝ ක්ෂේත්‍රවල අපනයන ආදායම අඩු වුවත් තේ අපනයන ආදායම අඩු නොවුණු බවය. එහෙත් වසර 10ක පටන්ම කුඩා තේ වතු ක්ශේත්‍රය එක තැන පල වෙන බව සඳහන් කරන අමාත්‍යවරයා නව තේ පැල පනස් ලක්ෂයක් බෙදා දීමටත් තේ සහනාධාරය වැඩි කිරීමටත් කටයුතු කරන  බව ද පෙන්වා දෙන ලදී.

ඉඩම් කෘෂිකර්මයට කාරමික අංශයට වාණිජ කටයුතු වලට මෙන්ම පදිංචියට ලබා දිය යුතු බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා අයවැය විවාදයට එක්වෙමින් ප්‍රකාශ කරන ලදී.ආහාර වර්ග හැකිතාක් ආනයනය කිරීම නතර කොට දේශීයව වගා කිරීම රජයේ ප්‍රතිපත්තිය බව ද පෙන්වා දෙන චන්ද්‍රසේන මහතා ඒ සඳහා දාන වර්ග දාසයක් හඳුන්වා දී ඇති බවද පෙන්වා දෙන ලදී.

මෙරට කෘෂිකාර්මික රටක් කිව්වට ධීවර රටක් කියලා කවුරුත් කියන්නෙ නැති බවත් එහෙත් ඒ තත්ත්වය ඇති කළ හැකි බව අයවැය විවාදයට එක්වෙමින් ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කළේය. පසුගිය කාලය පුරා ධීවර කර්මාන්තය ගැන තිබූ ආකල්පය මෙන්ම මැදිහත්වීමේ දුර්වලකම නිසා තරුණ පිරිස් මේ වන විට ධීවර කර්මාන්තයෙන් ඉවත් වන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී. ධීවර රැකියාව පිලිබද තිබෙන ආකල්පය, අවශ්‍ය මෙවලම් නොලැබීම මෙන්ම ධීවර රැකියාව අස්ථාවර එකක් වීම මත බොහෝ ධීවරයින් ධීවර කර්මාන්තයෙන් ඉවත් වන බව ද හේරත් මහතා සඳහන් කරන ලදී.

ඉඩම් කෘෂිකර්මයට, කාර්මික අංශයට, වාණිජ කටයුතු වලට මෙන්ම පදිංචියට ලබා දිය යුතු බව ඉඩම් අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා අයවැය විවාදයට එක්වෙමින් ප්‍රකාශ කරන ලදී. ආහාර වර්ග හැකිතාක් ආනයනය කිරීම නතර කොට දේශීයව වගා කිරීම රජයේ ප්‍රතිපත්තිය බව ද පෙන්වා දෙන චන්ද්‍රසේන මහතා ඒ සඳහා ධාන්‍ය වර්ග 16ක් හඳුන්වා දී ඇති බවද ඒ සඳහා ඉඩම් ලබා දීම තමන්ගේ වගකීම බවද පෙන්වා දෙන ලදී.

විවාදය දිවා භෝජන සඳහා පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු නතර කරන ලදී.

පස්වරු 1.00ට දිවා හෝජනයෙන් පසු යළි පාර්ලිමේන්තුව රැස්විය.

“ රජය වතු කම්කරුවන්ට රුපියල් 1000ක් ලබාදීමට තීරණය කිරීම සතුටුදායකයි. අගමැතිතුමා ඊට මූලිකත්වය ගත යුතුයි. එය රජය ඉටු කලැයි කියා විශ්වාසයක් තියෙනවා.“ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසීය.

“යුද්ධයෙන් මියගිය අය සැමරීමට ලෝකෙ හැමතැනම අවස්ථාව තියෙනවා. උතුරු නැගෙනහිර යුද්ධයෙන් මියගිය අය සැමරීමට සෑම කෙනාටම අයිතියක් තිබිය යුතුයි. හැබැයි එය එල්ටීටීඊ සංවිධානයේ මතවාදයෙන් සැමරීම වැරදයි.“ යනුවෙන් මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

“අවුරුදු 160ක් යනකම් ඉඩම් සහතික පත්‍රය දෙන්න පටන් ගත්තේ 2003මගේ කාලයේ පටන් ගත්තේ. රෝෂාන් රණසිංහ ඇමැතිතුමාට මං දැනුත් කිව්වා. මේක කරන්න මේක ඉතිහාස ගත වෙන වැඩක්.“ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත් සේනාරත්න මහතා පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Friday, 27 November 2020 14:25

Related items