April 19, 2024

බොරැල්ලේ ජනතාව පාරට බසී - දැඩි උණුසුම්කාරී තත්වයක් (VIDEO)

November 26, 2020

රුපියල් 5000 දීමනාව ලැබුණද ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට භාණ්ඩ නොපැමිණෙන බවට පවසමින් වනාතමුල්ල ප්‍රදේශයේ හුදකලා කර ඇති හල්ගහවත්ත ප්‍රදේශයේ ජනතාව අද (26) දැඩි උණුසුම්කාරී ලෙස හැසිරෙමින් විරෝධතාවයක නිරත විය.

මෙම ප්‍රදේශය තුළ ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාගැනීමට ස්ථාන දෙකක් විවෘත කර තිබුණත් එහි අධික මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කරන බව විරෝධතාවයේ නිරත පිරිස් කියා සිටි.

ඉකුත් 19 වැනිදා රුපියල් 5000 දීමනාව තමන් වෙත ලැබුණ ද අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නොපැමිණෙන හෙයින් භාණ්ඩ මිලදී ගැනීමට නොහැකි බවට ඔහුන් චෝදනා කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා මැදිහත්ව එම ස්ථානයේදීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සම්බන්ධකර දීමට කටයුතු කර තිබුණි.

පසුව, දින 02ක් ඇතුළත විසඳුමක් ලබාදීමේ පොරොන්දුව මත විරෝධතාවය අවසන් කෙරුණි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 26 November 2020 18:18