April 20, 2024

පාසල් විවෘත කිරීමේ බලය විදුහල්පතිට හා කලාප කාර්යාලයට ලබා දී තිබෙනවා

November 26, 2020

කොවිඩ් 19 තත්වය හේතුවෙන් පාසල් විවෘත කරනවාද නැද්ද යන්න පිලිබඳ බලය කලාප අධ්‍යාපන කාර්යාලවලට හා අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ට පවරා ඇති බව අධ්‍යාපන ඇමති මහාචාර්ය ජි.එල්.පිරිස් මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කරන ලදී.

අධ්‍යාපන අමාත්‍යවරයා ඒ බව සඳහන් කලේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් නඟන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 60කට සිටින්නේ එක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු බවත් ඊයේ (25) මහනුවර පාසල් 45ක් හිටි හැටියේම කොවිඩ් අවධානම හේතුවෙන් වසා දමා තිබෙන බවද පෙන්වා දෙන කිරිඇල්ල මහතා මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්න ලෙස අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින ලදී.

Rate this item
(0 votes)
Last modified on Thursday, 26 November 2020 10:42