March 29, 2024

ලංකාව කලු සල්ලි නිසා අමාරුවේ - මංගල සමරවීර කියයි

November 25, 2020

මුදල් විශුද්ධිකරණය වැලැක්වීම සම්බන්ධයෙන් ගෝලීය ප්‍රතිපත්ති සම්පාදකයා වශයෙන් ක්‍රියාකරන මූල්‍ය කාර්ය  සාධන බලකාය (Financial Action Task Force ) විසින් ශ්‍රී ලංකාව එහි "අලු ලේඛනයට "(Grey List ) ඇතුලත් කොට තිබූ අතර පසුගිය රජය සමයේ දී මහත් පරිශ්‍රයක් දරා 2019 ඔකතෝම්බර් මස එම ලේඛනයෙන් ඉවත් කර ගත් බව මංගල සමරවීර මහතා ට්විටර් පණිවිඩයක් තබමින් ප්‍රකාාා කර සිටියා . 2021 අය වැය ඉදිරිපත් කරමින් ආර්ථික උතිතේජනයන් සඳහා මුදල් විශුද්දිකරණය නිල වශයෙන් පිළිගැනීමට ලක් කිරීම තුලින් යලිත් ජාත්‍යන්තර මූල්‍ය සම්බාධක වලට මුහුණ දීමේ අවධානමක් ඇති බව ඔහු ප්‍රකාශ කර සිටිනවා.

කලු සල්ලි සුදු කරන මෙවන් කටයුතු වලට ජාත්‍යන්තර නීතියෙන් වැට බැඳ ඇති බැවින් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට මුදල් සම්ප්‍රේශනය කිරීම විදේශ බැංකු වලින් භාර නොගැනීමට ඉඩ ඇති බවට ඔහු අනතුරු අඟවනවා.

Rate this item
(0 votes)