April 24, 2024

“මට ගහපුවා මට කියපුවා මට කරපුවා දන්නවා“ - මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමිගේ චෝදනාවට ඇමැති ජෝන්ස්ටන්ගෙන් පිළිතුරු

November 24, 2020

මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ට විරුද්ධව සීඅයිඩියට ගොස් තමා පැමිණිල්ලක් සිදුනොකල බවත් තමා කිසිසේත් මහාසංඝරත්නයට විරුද්ධව කටයුතු කර නොමැති බවත් අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද(24) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ස්වාමීන් වහන්සේ සිදුකල එම ප්‍රකාශයේදී කැස්බෑවේ ප්‍රශ්නයක් ගැන ඇමැති චමල් රාජපක්ෂ මහතාගේ නම සඳහන් වීමත් නිසා එතුමා ඉතාමත් කණගාටුවෙන් සිටි බවත් නොකරපු කාරණයක් ගැන එලෙස චමල් ඇමැතිවරයාගේ නම සදහන් වී තිබූ බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

එම බොරුව හාමුදුරුවන් මගින් ප්‍රකාශයට පත් කළේ කවුරුන්දැයි සෙවීමට පරීක්ෂණයක් සිදුකරන ලෙස ඇමැති චමල් රාජපක්ෂ මහතා දන්වා ඇති බවත් අපේ හාමුදුරුවෝ අපිට විශාල වශයෙන් වැඩ කරපු ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් බවත් ඔහු සඳහන් කළේය.

“උන්වහන්සේ සිදුකල ප්‍රකාශයේදී මගේ නම කියනවා. මං මුකුත් කියන්න ගියේ නෑ. මට ගහපුවා මට කියපුවා මට කරපුවා අවුරුදු පහේ දන්නවා.“ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 24 November 2020 19:01