April 19, 2024

රනිල් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය එපා කියයි - මන්ත්‍රීධූරයට සුදුස්සා ගැන රනිල් සිරිකොතේදී කියලා

November 23, 2020

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය භාරගන්නා ලෙස අද (23) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකදී කල යෝජනාව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා  ප්‍රතික්ෂේප කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි තනතුරු පිළිබඳ ව තීරණය කිරීම සඳහා එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ හමුවක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිරිකොතදී පැවැත්විය.

එහිදී පක්ෂයට හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා වී ඇති අතර වික්‍රමසිංහ මහතා එය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

තරුණ මන්ත්‍රිවරයෙකු ඊට පත්කිරීම සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා එහිදී අවධානය යොමු කර ඇති බව පැවසෙයි.

මේ අතර, එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අකිල විරාජ් කාරියවසම් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Rate this item
(7 votes)
Last modified on Monday, 23 November 2020 19:23