March 29, 2024

රන්ජන් වැරදිකාරයා වුණොත් නඩුවෙන් බේරගන්න ඇමැති මහින්දානන්ද සූදානම්

November 23, 2020

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහිව තමන් නුගේගොඩ අධිකරණයේ නඩුවක් පවරා ඇති බවත් එම නඩුවෙන් ඔහු වැරදිකරු වුවහොත් නඩුවේ අවසාන දිනයේ නඩුව ඉවත් කර ගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද(23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අයවැය තුන්වනවර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේබව පැවසීය.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා තමුන්නාන්සේ කවුරුත් නොමග යැව්වා. තමුන්නාන්සේට ප්‍රේක්ෂකයෝ ඉදී. හැබැයි ඔය හොරකම් කරපු උන් ටික රකින්න තමුන්නාන්සේට කතා කරන්න කිව්වා. අවසානයේ තමුන්නාන්සේට කවුරුත් නෑ. ඔබතුමාට විරුද්ධව මම අධිකරණයේ නඩුවක් දාලා තියෙනවා. නුගේගොඩ අධිකරණයේ මේ නඩුව විභාග වෙනවා. තමුන්නාන්සේ වැරදිකාරයා වෙයි කියලා විශ්වාස කරනවා අධිකරණයේ ස්වාධීනත්වය නිසා. හැබැයි මං අන්තිම දවසේ නඩුව අයින් කර ගන්නවා. මං තමුන්නාන්සේට එහෙම කරන්න දෙන්නේ නෑ.“ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

Rate this item
(7 votes)